අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

News & Events

07
ජූලි2026
Grand Ceremony for the Granting of 10,000 Land Permits

Grand Ceremony for the Granting of 10,000 Land Permits

Coinciding with the program to grant 10,000...

09
ජූනි2026
Uva's Great Labor Campaign to Strengthen the Renaissance Movement 2026

Uva's Great Labor Campaign to Strengthen the Renaissance Movement 2026

In conjunction with the massive "Labor Day"...

සමථකරණ වැඩසටහන

වැලිමඩ සමථ මූල මණ්ඩලය මගින් සංවිධානය කල සමථකරණය පිළිබදව පර ශ ජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ( අගෝස්තු 02 දා ) වැලිමඩ සමෘද්ධි බැංකු සමිති     ශ‍්‍රවනාගාරයේදී පැවැත්වින.

ජාතික සමථකරණ දිනයට සමගාමිව ජූලි මස 27 දින සිට අගෝස්තු මස 10 දක්වා සමථ මණ්ඩල කොමිසන් සභාව මගින් ක්‍රියාත්මක වැඩසටහන්  මාලාව යටතේ මෙලෙස සමථ මණ්ඩලය පිළිබදව ප්‍රජාව  දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වින.


මේ සදහා වැලිමඩමේ සදහා වැලිමඩ  ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ   සමෘද්ධි  කළමනාකරුවන්  , ග‍්‍රාම නිළධාරි  64 නියෝජනය කරමින් සමෘද්ධි සංවර්ධන නිළධාරින් හා ප‍්‍රජා සංවිධාන  නියෝජිතයින් පිරිසක් මේ අවස්ථාවට සහභාගි කර ගෙන තිබින.


සමථ මණ්ඩලයක් පිහිටුවීම , එහි ව්‍යුහය  , සමථ මණ්ඩලයකට ගැටළුවක් විසදා ගැනීමට යොමු විය යුතු ආකාරය , සමථ මණ්ඩලයක ඇති වාසි ආදී කරුණු සම්බන්ධව මෙහිදී දැනුවත් කිරීම් සිදු කලහ. මෙම දැනුවත් කිරීම මගින් වැලිමඩ සමථ මූල මණ්ඩලය අරමුණු කර ගෙන තිබුනේ මෙම දැනුවත් කිරීමේ වැඩසටහනට සම්බන්ධ වූ පිරිස මගින් සමථ මණ්ඩලයේ කාර්යභාරය පිළිබදව ග‍්‍රාමිය ප‍්‍රජාව  දැනුවත් කිරීමය.


මේ අවස්ථාවට වැලිමඩ සමථ මූල මණ්ඩලයේ උප සභාපති ඩබ්ලිව්.එම්. ගුණසිංහ , සමථ කාරක නිළධාරින් වන ඞී.එම්. සුගතදාස හා ලක්ෂ්මී  ශ‍්‍රි කාන්තා යන මහත්ම මහත්මින්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

samatha danuwath kireema 1                                                 samatha danuwath kireema 2

Scroll To Top