සමෘද්ධි ප්‍රතිලාභීන් සවිබල ගැන්වීමේ වැඩසටහන.
බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරි වසම් 64 කින් යුක්තය.සිංහල,දෙමළ,මුස්ලිම්,බර්ගර් යන ජාතින්වලට අයත් ජනතාව මෙම කොට්ඨාශයේ වාසය කරති.
භූගෝලිය පිහිටිම වශයෙන් ගත් කල බස්නාහිරට මායිම්ව නුවරඑළිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයත් උතුරට මායිම්ව ඌව පරණගම ප්‍රාදේශිය කොට්ඨාශයත් නැගෙනහිරට මායිම්ව හාලිඇල
ප්‍රාදේශිය හා බණ්ඩාරවෙල ප්‍රාඅදේශිය ලේකම් කොට්ඨාශයත් ,දකුණට මායිම්ව හල්දුම්මුල්ල ප්‍රාදේශිය කොට්ඨාශයත් භූගෝලීය වශයෙන් පිහිටා ඇත.
කෘෂි කාර්මික ප්‍රදේශයක් වන මෙම කොට්ඨාශයේ වාසය කරන ජනතාවගේ ප්‍රධාන ජිවනෝපාය මාර්ගය කෘෂි කර්මාන්තය වේ.කොට්ඨාශයේ මුළු පවුල් 29094 ක් වන අතර එයින් සමෘද්ධි සහනාධාරලාභි පවුල් 4426 ක් වේ.සුළු පවුල් සංඛ්‍යාව 113133කි.
සමෘද්ධි වැඩ සටහන ප්‍රධාන වශයෙන් කලාප 05ක් මුල් කරගෙන වැලිමඩ ප්‍රා දේශිය ලේකම් කොට්ඨාශය තුළ ක්‍රියාත්මක වන අතර එහි නියමුවන් වශයෙන් සමෘද්ධි කළමණාකරුවන් ,සමෘද්ධි සංවර්ධන නිලධාරින් කටයුතු කරයි.මෙම කොට්ඨාශයේ සමෘද්ධි කළමණාකරුවන් 07 දෙනෙකු හා සමෘද්ධි සංවර්ධන නිලධාරින් 102 ක් සේවය කරන අතර ඔවුන්ගේ අධීක්ෂණ හා මඟ පෙන්විම් කටයුතු කරන්නේ ප්‍රා දේශිය ලේකම්තුමා විසින්ය.
දිළිදුකම පිටු දැකිමේ ජාතික වැඩසටහන ලෙස මෙම රජය මගින් ක්‍රියාත්මක කර ඇති සමෘද්ධි වැඩසටහන වැලිමඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරි වසම් 64 තුලම ක්‍රියාත්මක වේ.සමෘද්ධි සහනාධාර ලබන ප්‍රතිලාභින් ගම් මට්ටමේ කුඩා කණ්ඩායම් හා සමෘද්ධි සමිති ,බැංකු සම්ගම් ක්‍රියාවලියට දායක කරගෙන ඇත.මේ මගින් දිළිදු ජනතාවගේ ආර්ථික වර්ධනයට පමණක් නොව සමාජ ,සංස්කෘතික ,ආකල්පමය වශයෙන්ද ප්‍රගතියක් දක්නට ඇත.එමෙන්ම දිළිදු ජනතාව මුහුණ දෙන ජිවිතයේ තීරණාත්මක අවස්ථාවලදි සමාජ ආරක්ෂණ වැඩ සටහන ක්‍රියාත්මක විම තුළින් ඔවුන්ට දක්වන සහයෝගය අගය කළ යුක්තකි.
නොයෙකුත් නම් වලින් දිළිදුකම පිටු දැකිමේ අරමුණින් සංවර්ධන වැඩ සටහන් ක්‍රියාත්මක කළත් , දිළිදු ජනතාව ගේ සෑබෑ දිළිදුකම හදුනාගෙන ඒ තුළින් දිළිදු ජනතාව මුදවාගෙන ඇත්තේ සමෘද්ධි වැඩසටහන් තුළින් බව අවධාරණයෙන් යුතුව ප්‍රකාශ කළ හැකිය.
ඒ අනුව සමෘද්ධි වැඩ සටහන් තුළ ක්‍රියාත්මක වන වැඩසටහන් අතර,
- සහනාධාර වැඩසටහන
- බැංකු ණය වැඩසටහන
- සමාජ ආරක්ෂණ වැඩසටහන
- සමාජ සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක වේ.















