නිවසක සිදුවන උපතක් ලියාපදිංචි කිරීම
01. උපත සිදු වී දින 07 ක් ඇතුළත ග්‍රාම නිලධාරි වෙත දැනුම් දෙන්න.
02. ග්‍රාම නිලධාරී විසින් උපත පිළිබඳව වාර්තාවක් ප්‍රදේශයේ රෙජිස්ට්‍රාර් වෙත යවනු ලැබේ.
03. උපත ලියාපදිංචි කරනු ලබන්නේ උපත සිදුවූ ප්‍රදේශයේ උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර් වරයා විසිනි
04. නිවැරදිව සම්පූර්ණ කරන ලද ප්‍රකාශය ප්‍රදේශයේ උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර් වරයා වෙත ලබා දෙන්න. ප්‍රකාශය රෙජිස්ට්‍රාර්වරයාගෙන් ලබා ගත හැක.
05. දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්
- පියා
- මව
- උපන් අවස්ථාවේදී ළඟ සිටි පුද්ගලයන්
- භාරකරුවන්
06. උපත සිදු වී මාස 03ක් ඇතුලතදී උපත නොමිලයේ ලියාපදිංචි කරවා ගත හැක. උපත සිදු වී මාස 03කින් පසුවද උපත ලියාපදිංචි කරවා ගැනීමට හැකියාව ඇති අතර ඒ සඳහා කල් ගත වූ උපත් ලියාපදිංචි කිරීමේ විස්තර බලන්න.
07දැනුම් දෙන්නා වෙත නොමිලයේ උප්පැන්න සහතිකයක් නිකුත් කරනු ලැබේ.
රෝහලක සිදුවන උපතක් ලියාපදිංචි කිරීම;
01. උපතක් ලියාපදිංචි කරන්නේ උපත සිදු වූ ප‍්‍රදේශයේ සිටින උප්පැන්න හා මරණ රෙජිස්ට‍්‍රාර්වරයා විසිනි. උපත සිදු වූයේ පෞද්ගලික රෝහලක නම්, එම ප‍්‍රදේශයේ සිටින රෙජිස්ට‍්‍රාර්වරයාට උපත ලියාපදිංචි කිරීමට දැනුම් දෙන්න.
02. උපත ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්,
- පියා
- මව
- දරුවා උපන් වේලාවේ එහි සිටි පුද්ගලයන්
- දරුවා භාරව සිටින පුද්ගලයන්
- රෝහලේ වෛද්‍ය නිලධාරී
03. උපත දැනුම් දීම සඳහා අවශ්‍ය ප‍්‍රකාශය, උප්පැන්න හා මරණ රෙජිස්ට‍්‍රාර්වරයාගෙන් ලබාගන්න.
04. ඉදිරිපත් කළයුතු ලියවිලි -:
- නිවැරදිව සම්පූර්ණ කරන ලද ප‍්‍රකාශය
- උපත සිදු වූ බව තහවුරු කිරීමට රෝහලෙන් නිකුත් කළ වාර්තාව
05.මාස 03ක කාල සීමාවක් ඇතුලතදී උපතක් නොමිලයේ ලියාපදිංචි කරවා ගත හැක..
06. දැනුම් දෙන්නා වෙත නොමිලයේ උප්පැන්න සහතික පිටපතක් නිකුත් කරනු ලැබේ
07.වැඩිදුර විස්තර අවශ්‍ය වන්නේ නම් ළඟම පිහිටි ප‍්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ති‍්‍රක් රෙජිස්ට‍්‍රාර්වරයා හමුවන්න
ග්‍රාමීය රෝහලක සිදුවන උපතක් ලියාපදිංචි කිරීම
01. උපතක් ලියාපදිංචි කරන්නේ උපත සිදු වූ ප‍්‍රදේශයේ සිටින උප්පැන්න හා මරණ රෙජිස්ට‍්‍රාර්වරයා විසිනි. උපත සිදු වූයේ ග‍්‍රාමීය රෝහලක නම්, එම ප‍්‍රදේශයේ සිටින රෙජිස්ට‍්‍රාර්වරයාට උපත ලියාපදිංචි කිරීමට දැනුම් දෙන්න.
02. උපත ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්,
- පියා
- මව
- දරුවා උපන් වේලාවේ එහි සිටි පුද්ගලයන්
- දරුවා භාරව සිටින පුද්ගලයන්
- රෝහලේ වෛද්‍ය නිලධාරී
01. උපත දැනුම් දීම සඳහා අවශ්‍ය ප‍්‍රකාශය, උප්පැන්න හා මරණ රෙජිස්ට‍්‍රාර්වරයාගෙන් ලබාගන්න
02. ඉදිරිපත් කළයුතු ලියවිලි
- නිවැරදිව සම්පූර්ණ කරන ලද ප‍්‍රකාශය
- උපත සිදු වූ බව තහවුරු කිරීමට රෝහලෙන් නිකුත් කළ වාර්තාව
- මාස 03ක කාල සීමාවක් ඇතුලතදී උපතක් නොමිලයේ ලියාපදිංචි කරවා ගත හැක.
- දැනුම් දෙන්නා වෙත නොමිලයේ උප්පැන්න සහතික පිටපතක් නිකුත් කරනු ලැබේ.
වැඩිදුර විස්තර අවශ්‍ය වන්නේ නම් ළඟම පිහිටි ප‍්‍රාදේශ්‍රීය මහ ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ති‍්‍රක් රෙජිස්ට‍්‍රාර්වරයා හමුවන්න
මහරෝහලක උපතක් ලියාපදිංචි කිරීම;
01.උපත ලියාපදිංචි කර ගැනීම සඳහා උපත සිදු වූ මහ රෝහලේ සිටින උප්පැන්න හා මරණ රෙජිස්ට‍්‍රාර්වරයාට දැනම් දෙන්න.
02. උපත ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්,
- පියා
- මව
- දරුවා උපන් වේලාවේ එහි සිටි පුද්ගලයන්
- දරුවා භාරව සිටින පුද්ගලයන්
- රෝහලේ වෛද්‍ය නිලධාරී
01.උපත දැනුම් දීම සඳහා අවශ්‍ය ප‍්‍රකාශය, වෛද්‍ය රෙජිස්ට‍්‍රාර්වරයාගෙන් ලබාගන්න.
02.ඉදිරිපත් කළයුතු ලියවිලි -:
- නිවැරදිව සම්පූර්ණ කරන ලද ප‍්‍රකාශය
- උපත සිදු වූ බව තහවුරු කිරීමට රෝහලෙන් නිකුත් කළ වාර්තාව
- මාස 03ක කාල සීමාවක් ඇතුලතදී උපතක් නොමිලයේ ලියාපදිංචි කරවා ගත හැක.
- දැනුම් දෙන්නා වෙත නොමිලයේ උප්පැන්න සහතික පිටපතක් නිකුත් කරනු ලබයි.
වැඩිදුර විස්තර අවශ්‍ය වන්නේ නම් ළඟම පිහිටි ප‍්‍රාදේශ්‍රීය මහ ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ති‍්‍රක් රෙජිස්ට‍්‍රාර්වරයා හමුවන්න
විදේශයකදී සිදුවූ උපතක් ලියාපදිංචි කිරීම -:
01. ශ්‍රී‍්‍ර ලාංකික මව්පියන්ට දාව විදේශයන්හි උපත ලබන දරුවන්ගේ උපත් ලියාපදිංචි කරගත හැක.
02. උපත ලියාපදිංචි කරන්නේ උපත සිදු වූ රටේ පිහිටි ශ්‍රී‍්‍ර ලංකා තානාපති / ශ්‍රී‍්‍ර ලංකා මහ කොමසාරිස් කාර්යාලයෙනි.
03. උපත ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්,
- පියා
- මව
- භාරකරු
04. උපත දැනුම් දීම සඳහා අවශ්‍ය ප‍්‍රකාශය ශ්‍රී‍්‍ර ලංකා තානාපති / ශ්‍රී‍්‍ර ලංකා මහ කොමසාරිස් කාර්යාලයෙන් ලබාගත හැකිය.
05. ඉදිරිපත් කළ යුතු ලියවිලි,
- නිවැරදිව නම් කරන ලද ප‍්‍රකාශය
- උපත තහවුරු කිරීමට අදාල ලියවිලි
06. මාස 03ක කාල සීමාවක් ඇතුලතදී උපතක් නොමිලයේ ලියාපදිංචි කරවා ගත හැක.
07.දැනුම්දෙන්නා වෙත නොමිලයේ උප්පැන්න සහතික පිටපතක් නිකුත් කරනු ලබයි
08 විදේශයකදී උපත ලද, උපත ලියාපදිංචි නොවූ දැනට ශ්‍රී‍්‍ර ලංකාවට පැමිණ සිටින පුද්ගලයන්ගේ උපත් ලියාපදිංචි කරවා ගත හැක
ඒ සඳහා අවශ්‍ය තොරතුරු රෙජිස්ට‍්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ මධ්‍යම ලේඛනාගාරයේ සහකාර රෙජිස්ට‍්‍රාර් ජනරාල්වරයාගෙන් ලබා ගන්න. දුරකථන අංකය : 94 112329773 හෝ 94 112433075
කල්ගත වූ උපතක් ලියාපදිංචි කිරීම;
01. උපතක් සිදුවී මාස තුනක් ඇතුලතදී ලියාපදිංචි කර නොමැති විටෙක එවැනි උපතක් ලියාපදිංචි කරවා ගැනීමට පුලුවන.
02. ප්‍රකාශ පත්‍රය උපත සිදුවූ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ට ඉදිරිපත් කරන්න.
03. ප්‍රකාශ පත්‍රය ඉදිරිපත් කළ හැකි අය,
- උනන්දුවක් දක්වන ඕනෑම අයකු
- මව්පියන්ගෙන් කෙනෙකු
04. උපත සිදුවී අවුරුද්දක් ඇතුලත ඉදිරිපත් කරන ප්‍රකාශ පත්‍ර සමඟ පහත සඳහන් ලියවිලි පමණක් ඉදිරිපත් කරන්න.
- මව්පියන් විවාහක නම්, ඔවුන්ගේ විවාහ සහතිකය
- විෂයගේ උපන් දිනය හා ස්ථානය සනාථ වන පහත සඳහන් ලියවිලි වලින් එකක්,
- රෝහල් උපත් වාර්තාව හෝ සහතික පිටපත
- ග්‍රාම නිළධාරී උපත් වාර්තාව හෝ සහතික පිටපත
- වතු උපත් වාර්තාව හෝ සහතික පිටපත
- පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියගේ සහතිකයක්
උපත සිදුවී අවුරුද්දක කාලය ගත වීමෙන් පසුව ඉදිරිපත් කරන ප්‍රකාශ පත්‍රය සමඟ පහත සඳහන් ලියවිලි පමණක් ඉදිරිපත් කරන්න.
- මව්පියන් විවාහක නම්, ඔවුන්ගේ විවාහ සහතිකය,
- උපත ලියාපදිංචිවී නොමැති බවට සහතිකය (හිස් ප්‍රතිඵලය)
- පුද්ගලයාගේ උපන් දිනය හා ස්ථානය ඇතුළත් පහත සඳහන් ලියවිලි වලින් එකක්,
- රෝහල් වාර්තාව හෝ සහතික පිටපත
- ග්‍රාම නිලධාරී වාර්තාව හෝ සහතික පිටපත
- වතු උපත් වාර්තාව හෝ සහතික පිටපත
- වින්නඹු මාතාවගේ උපත් ලේඛණයේ පිටපත
ඉහත සඳහන් ලියවිල්ලක් නැතිනම්, ඒ වෙනුවට පහත සඳහන් ලියවිලි වලින් එකක්,
- සෞඛ්‍ය වර්ධන සටහන
- බෞතීස්ම සහතිකය,
- පාසැලට ඇතුලත් කිරීමේ ලේඛණයේ සහතික පිටපත/ ශිෂ්‍ය කාර්ය දර්ශනය
- වතු සුභසාධක නිලධාරිගේ වාර්ථාව
- උපන් දිනට ආසන්නයේදී සකස් කරන ලද හඳහන හෝ වේලාපත්කඩය
මෙම ලියවිලි කිසිවක් ලබාගත නොහැකි නම්, දන්නා විස්තර ඇතුලත් කරන ලද ප්‍රකාශ පත්‍රයක් සහ දිවුරුම් ප්‍රකාශයක්
උප්පැන්න සහතිකවල පිටපතක් ලබා ගැනීම;
01. උප්පැන්න සහතිකයේ පිටපත් ලබාගත යුත්තේ උපත සිදුවූ ප‍්‍රදේශය අයත් වන ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයෙනි.
02.අවශ්‍ය ඉල්ලුම් පත‍්‍රය ඕනෑම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයක දිස්ති‍්‍රක් රෙජිස්ට‍්‍රාර් අංශයෙන් ලබාගත හැක.
03. අයකරනු ලබන ගාස්තු,
- උප්පැන්න සහතිකයේ අංකය සහ ලියාපදිංචි කළ දිනය දන්නා විට රු.100.00
- උප්පැන්න සහතිකයේ අංකය සහ ලියාපදිංචි කළ දිනය නොදන්නේ නම්,රු.200.00
- අවශ්‍ය මුදල් මුද්දර මගින් ඉල්ලුම් පත‍්‍රයේ අලවන්න.
- සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත‍්‍රය අදාල ප‍්‍රාදේර්‍ශය ලේකම් කාර්යාලය වෙත භාර දෙන්න.
- උප්පැන්න සහතිකය තැපෑලෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය වේ නම් ලිපිනය ලියන ලද මුද්දර ඇලවූ ලියුම් කවරයක් ඉල්ලුම් පත‍්‍රය සමග ඉදිරිපත් කරන්න.
උපත ලියාපදිංචි වී තිබේ නම්, උප්පැන්න සහතිකයක් යවනු ලබන අතර උපත ලියාපදිංචි වී නොමැති නම් ඒ පිළිබඳව දන්වා ලිපියක් යවනු ලැබේ.
උප්පැන්න ලේඛණවල ඇතුළත් විස්තර සංසෝධනය කිරීම;
01. උප්පැන්න ලියාපදිංචි කිරීමේ සටහනක
- තීරයෙහි විස්තර (උපන් දිනය සහ උපන් ස්ථානය)
- තීරයෙහි විස්තර (ස්ත්‍රී/පුරුෂ භාවය)
- තීරයෙහි විස්තර (මවගේ තොරතුරු සියල්ල) (උපත ලියාපදිංචි කිරීමෙන් පසු මවගේ නම වෙනස් කර ඇති විට, නම සංශෝධනය මෙම ප්‍රතිපාදන යටතේ කළ නොහැක.)
- තීරයෙහි විස්තර (දැනුම් දෙන්නාගේ තොරතුරු) නිවැරදි කිරීම කළ හැකිය.
02. ප්‍රකාශ පත්‍රය උපත සිදුවූ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ට ඉදිරිපත් කරන්න
03. ප්‍රකාශ පත්‍රය ඉදිරිපත් කළ යුත්තේ,
- උප්පැන්නය හිමි තැනැත්තා
- පියා හෝ මව
- නීත්‍යානූකුල භාරකරු
- උප්පැන්න සටහනේ ඇති යම් විස්තරයක් ගැන අතෘප්තියට පත් තැනැත්තෙකු
04. ප්‍රකාශ පත්‍රයට සැපයිය යුතු මුද්දර ගාස්තුව රු. 5.00 කි.
05.ප්‍රකාශ පත්‍රයට, සංශෝධනය කිරීමට අපේක්ෂිත උප්පැන්න ලේඛණයේ සහතික පිටපතක් අනිවාර්යෙන්ම අමුණා තිබිය යුතුය. ඉල්ලීමෙහි නිර්ව්‍යාජ බව සනාථ කිරීම සඳහා ලිඛිත සාක්ෂි ඒ සමඟ ඉදිරිපත් කරන්න
06. ප්‍රකාශ පත්‍රයෙන් කරන ලද ඉල්ලීමෙහි නිර්ව්‍යාජ බව සනාථ කිරීම ලබා ගත හැකි ලිඛිත සාක්ෂි සමහරක් පහත දැක්වේ.
- මව්පියන්ගේ විවාහ සහතිකය
- දරු නාමාවලිය/ සහෝදර නාමාවලිය
- පියාගේ/ මවගේ උප්පැන්න සහතිකය
- මව්පියන්ගේ විවාහ ලියාපදිංචි කිරීමෙන් පසුව උපන් දරුවකුගේ උප්පැන්නයක්
- විවාහ ලියාපදිංචි කිරීමෙන් පසුව උපන් දරුවකු නොමැති විට විෂය වූ දරුවාට වැඩිමහල් හෝ බාල දරුවකුගේ උප්පැන්නය
- ආරෝග්‍යශාලා, මාතෘ නිවාස වල ඇති සටහන් වල සහතික පිටපත් හෝ වින්නඹු මාතාවගේ ලේඛනවල පිටපත්
- ශිෂ්‍ය කාර්ය දර්ශනය, ළමයින් ඇතුළත් කිරීමේ ලේඛණයේ උපුටනය
- විෂය සහ මව්පියන්ගේ නම් ඇතුළත් ඡන්ද නාමාවලියේ පිටපතක්
- පියා මියගොස් ඇති විටෙක ඔහුගේ මරණ සහතිකය
ළමයෙකු දරුකමට හදා ගැනීමට ගැනීම;
01. දරුකමට හදාගන්නා ළමයාගේ වයස අවුරුදු 14ට වැඩි නොවිය යුතුය.
02. ඉල්ලුම්කරු විසින් සපුරාලිය යුතු අවශ්‍යතා,
- ඉල්ලුම්කරුගේ වයස අවුරුදු 25ට වැඩි විය යුතූය.
- දරුවා හදා ගැනීමට ඉල්ලුම්කරන්නා සහ අදාළ දරුවා අතර වයස පරතරය අවම වශයෙන් අවුරුදු 21ක් වත් විය යුතූය.
- අදාළ දරුවා ඉල්ලුම්කරුගෙන් පැවත එන්නකු නම්, ඉල්ලුම්කරුගේ සහෝදරයකුගේ/ සහෝදරියකගේ හෝ ඔවුන්ගෙන් පැවත එන දරුවකු නම් හෝ ඒ අයගේ විවාහක පාර්ශවකරුගේ දරුවකු නම් ඉහත තත්ත්වය අදාළ නොවේ.
03.දරුකමට හදාගන්නා ළමයාගේ වයස අවුරුදු 10ට වැඩි නම් දරුවාගේ කැමැත්ත අවශ්‍ය වේ.
04. විවාහක පාර්ශව විසින්(ස්වාමියා සහ භාර්යාව) ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කළ යුතූය.
05.දරුකමට හදා ගැනීමේ ආඥාවක් නිකුත් කරනු ලබන්නේ දිසා අධිකරණය විසිනි.
06.එම ආඥාව රෙජිස්ට්‍රාර ජනරාල් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතුය
07. දරුකමට හදාගන්නා ළමයාගේ උපත නැවත ලියාපදිංචි කරවා ගත හැකිය
08. උපත නැවත ලියාපදිංචි කර ගැනීම සඳහා පහත සඳහන් ලියවිලි ඉදිරිපත් කළ යුතුය.
- උපත නැවත ලියාපදිංචි කර ගැනීම සඳහා ඉල්ලුම් පත්‍රය
- මව්පියන්ගේ විවාහ සහතිකය
- මවගේ සහ දරුකමට ගැනීම පිළිබඳ සහතිකය
- පියාගේ උප්පැන්න සහතික
09. උපත නැවත ලියාපදිංචි කර ගැනීම සඳහා ඉල්ලුම් පත්‍රය දරුවා උපන් ස්ථානය අයත්වන ප්‍රදේශයට අදාළ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ කලාප කාර්යාලය වෙත ඉදිරිපත් කරන්න.
අනුමාන වයස් සහතික නිකුත් කිරීම;
01. උපත ලියාපදිංචි කළ නොහැකි වයස අවුරුදු 14 ට අඩු ළමුන් සඳහා අනුමාන වයස් සහතික නිකුත් කරනු ලැබේ.
02. අනුමාන වයස් සහතික නිකුත් කරනු ලබන්නේ
- රජයේ අනුමත ළමා නිවාසයක නේවාසික ළමුන්
- රජයේ අනුමත ළමා නිවාසයක නේවාසික නොවන වෙනත් පුද්ගලයන් භාරයේ වෙසෙන ළමුන්
03. රජයේ අනුමත ළමා නිවාසයක නේවාසික ළමුන් ප්‍රකාශ පත්‍රය සමඟ ඉදිරිපත් කළ යුතු ලියවිලි
- ළමා නිවාස පාලක/පාලිකාවගේ දිවුරුම් ප්‍රකාශය
- රජයේ වෛද්‍ය නිළධාරියකු විසින්, ළමයාගේ වයස නිගමනය කර නිකුත් කරන ලද, වෛද්‍ය සහතිකය
- ළමයා සම්බන්ධ විස්තර ඇතුළත් වෙනත් ලියවිලි (තිබේනම් පමණි.)
04. රජයේ අනුමත ළමා නිවාසයක නේවාසික නොවන ළමුන් ප්‍රකාශ පත්‍රය සමඟ ඉදිරිපත් කළ යුතු ලියවිලි
- භාරකරුගේ/භාරකාරියගේ දිවුරුම් ප්‍රකාශය
- ළමයා භාරකරුවන් භාරයේ සිටින බව තහවුරු කරන,
- ග්‍රාම නිළධාරිගේ සහතිකයක් හෝ
- පරිවාස හා ළමාරක්ෂක නිළධාරිගේ සහතිකයක් හෝ
- සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සහතිකයක් හෝ
- පොලිස් ස්ථානාධිපති විසින් නිකුත් කරන ලද සහතිකයක්
- රජයේ වෛද්‍ය නිලධාරියකු විසින්, ළමයාගේ වයස නිගමනය කර නිකුත් කරන ලද, වෛද්‍ය සහතිකය
- සෞඛ්‍ය වර්ධන සටහන් පත්‍රය
- ළමයා පාසැල් යන්නේ නම්, පාසලට ඇතුලත් කර ගැනීමේ ලේඛණයේ පිටපතක්
- තවදුරටත් විස්තර අවශ්‍ය වේ නම් ළඟම පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හමුවන්න.
උප්පැන්න සහතිකවල පර්වර්තන පිටපතක් ලබා ගැනීම;
01.මෙම සේවාව ලබාගත හැකි පරිවර්තකයන් සේවය කරන, දෙපාර්තමේන්තුවේ ශාඛා කාර්යාල පහත දක්වා ඇත..
02.ලබාගත හැකි පරිවර්තන
03. සිංහල - ඉංගී‍්‍රසි
04. ඉංගී‍්‍රසි - සිංහල
05.දෙමළ - ඉංගී‍්‍රසි
06. ඉංගී‍්‍රසි - දෙමළ
07. අයදුම්පත්‍ර භාරගන්නා වේලාව :
පෙ.ව. 9.00 - ප.ව. 3.00
01. ඉල්ලුම් පත‍්‍රය පරිවර්තකයින් සේවය කරන කාර්යාල වලින් ලබාගත හැකිය.
02.ඉදිරිපත් කළයුතු ලියවිලි,
03. නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත‍්‍රය
04. පරිවර්තනය කළයුතු ලේඛනයේ මුල් පිටපත හෝ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ලබාගත් සහතික පිටපතක්
05. තැපෑලෙන් ලබාගන්නේ නම් ලිපිනය ලියන ලද මුද්දර ඇලවූ ලියුම් කවරයක්
06. පරිවර්තන ගාස්තු
එක් පරිවර්තන පිටපතක් සඳහා රු.100.00 (වටිනාකමට සරිලන පරිදි මුද්දර අලවන්න)
ඕනෑම පරිවර්තන ප්‍රමාණයක් ලබාගත හැක.
ගතවන කාලය : කාර්යාල දින 03කි
සිංහල - ඉංග්‍රීසි සහ ඉංග්‍රීසි - සිංහල පරිවර්තන ලබාගත හැකි කාර්යාල;
| ස්ථානය | කාර්යාලය | දුරකථන අංකය |
| අනුරාධපුර | ඉඩම් සහ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කාර්යාලය | 025-2222201 |
| අවිස්සාවේල්ල | අවිස්සාවේල්ල | 036-2222204 |
| බත්තරමුල්ල | රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව, ප්‍රධාන කාර්යාලය | 011-2889488-011-2889489 |
| කොළඹ | ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය | 011-2692652 |
| දෙල්කඳ | ඉඩම් සහ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කාර්යාලය | 011-2815316 |
| ඇලපාත | ප්‍රාදේශීය ලේකම් කාර්යාලය | 045-2230038 |
| ගාල්ල | ඉඩම් සහ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කාර්යාලය | 091-2234097 |
| ගම්පහ | ඉඩම් සහ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කාර්යාලය | 033-2222315 |
| ගම්පොළ | ඉඩම් සහ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කාර්යාලය | 081-2352273 |
| හොරණ | ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය | 034-2260086 |
| කඩුවෙල | ප්‍රාදේශීයලේකම් කාර්යාලය | 011-2561021 |
| කැකිරාව | ප්‍රාදේශීයලේකම් කාර්යාලය | 025-2264587 |
| නුවර | ඉඩම් සහ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කාර්යාලය | 081-2222058 |
| කුරුණෑගල | වයඹ උතුරු මැද කලාප කාර්යාලය | 037-2228830 |
| මාතලේ | ඉඩම් සහ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කාර්යාලය | 066-2222727 |
| මාතර | ඉඩම් සහ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කාර්යාලය | 041-2222279 |
| මතුගම | ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය | 034-2247208 |
| නොච්චියාගම | ප්‍රාදේශීයලේකම් කාර්යාලය | 025-2257838 |
| පානදුර | ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය | 038-2232569 |
| පස්සර | ප්‍රාදේශීයලේකම් කාර්යාලය | 055-2288138 |
| පොළොන්නරුව | ඉඩම් සහ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කාර්යාලය | 027-2222320 |
| රාජාංගනය | ප්‍රාදේශීයලේකම් කාර්යාලය | 025-2257480 |
| තංගල්ල | ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය | 047-2240200 |
| තඹලගමුව | ප්‍රාදේශීයලේකම් කාර්යාලය | 025-2276236 |
| ත්‍රිකුණාමලය | ඉඩම් සහ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කාර්යාලය | 026-2222410 |
| උඩුනුවර | ප්‍රාදේශීයලේකම් කාර්යාලය | 081-2315436 |
දෙමළ - ඉංග්‍රීසි සහ ඉංග්‍රීසි - දෙමළ පරිවර්තන ලබාගත හැකි කාර්යාල
| ස්ථානය | කාර්යාලය | දුරකථන අංකය |
| කල්මුණේ | ප්‍රාදේශීය ලේකම් කාර්යාලය | 067-2229599 |
| පේදුරුතුඩුව | ඉඩම් හා දිස්ත්‍රික් රේජීස්ටාර් කාර්යාලය | 021-2263272 |
| මන්නාරම | ඉඩම් හා දිස්ත්‍රික් රේජිස්ටාර් කාර්යාලය | 023-2222009 |
| මඩකලපුව | ඉඩම් හා දිස්ත්‍රික් රේජිස්ටාර් කාර්යාලය | 065-2222395 |
| යාපනය | ඉඩම් හා දිස්ත්‍රික් රේජිස්ටාර් කාර්යාලය | 021-2225681 |
විවාහ ලියාපදිංචිය
සාමාන්‍ය විවාහ දැන්වීම;
- මුද්දර (අදාල වන වටිනාකමට අනුව)
- අදාල කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විවාහ අපේක්ෂිත යුවල රෙජිස්ට්‍රාර් වරයා ඉදිරිපිට දී සාක්ෂිකරුවන් දෙදෙනෙකුගේ සාක්ෂිය සහිතව දිවුරුම් දීමෙන් විවාහය ලියාපදිංචි කලහැකිය.
විශේෂ බලපත්‍ර (ගෘහ බලපත්‍ර) මත කරන විවාහ;
නිවසක දී විවාහය ලියාපදිංචි කිරීමට අදාල කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්වරයකු මඟින් කොට්ඨාශයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගෙන් අවසර ගැනීමෙන් අනතුරුව
විවාහ දැන්වීම
මුද්දර (අදාල වන වටිනාකමට අනුව)
ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විවාහ අපේක්ෂිත යුවල රෙජිස්ට්‍රාර් වරයා ඉදිරිපිට දී දෙපාර්ශවයෙන් සාක්ෂිකරුවන් දෙදෙනෙකුගේ සාක්ෂිය සහිතව දිවුරුම් දීමෙන් විවාහය ලියාපදිංචි කලහැකිය.
මරණ ලියාපදිංචිය
රෝහලක සිදුවන මරණයක් ලියාපදිංචි කිරීම;
අදාල රෝහලේ රෙජිස්ට්‍රාර්වරයකු සිටීනම්
රෝහල් වාර්තාව
ලියාපදිංචි අයඳුම්පත්‍රය
මරණ පරීක්ෂකගේ වාර්තාව
රෙජිස්ට්‍රාර් වරයා වෙත භාර දී මරණය ලියාපදිංචි කරගත හැකිය. රෝහලේ රෙජිස්ට්‍රාර්වරයකු නොමැති අවස්ථා වලදී උක්ත ලියකියවිලි අදාල කොට්ඨාශයේ රෙජිස්ට්‍රාර්වරයා වෙත භාරදී මරණය ලියාපදිංචි කරවාගතහැකිය.
නිවසක සිදුවන මරණයක් ලියාපදිංචි කිරීම;
ග්‍රාම නිලධාරී වාර්තාව
ලියාපදිංචි අයඳුම්පත්‍රය
මරණ පරීක්ෂකගේ වාර්තාව
අදාල කොට්ඨාශයේ රෙජිස්ට්‍රාර්වරයා වෙත භාරදී මරණය ලියාපදිංචි කරවාගතහැකිය.
වතු රෝහලක/ වත්තක සිදුවන මරණයක් ලියාපදිංචි කිරීම;
වතු අධිකාරීගේ වාර්තාව
ලියාපදිංචි අයඳුම්පත්‍රය
මරණ පරීක්ෂකගේ වාර්තාව
අදාල කොට්ඨාශයේ අතිරේක දිස්ත්‍රික් රේජිස්ට්‍රාර්වරයා වෙත භාරදී මරණය ලියාපදිංචි කරවාගතහැකිය.
උපත්, විවාහ හා මරණ රෙජිස්ට්‍රාර්වරු;
(වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ)
| කොට්ඨාශය | රෙජීස්ටාර්වරයාගේ නම ලිපිනය | දුරකථන අංකය |
| බොරලන්ද | ඩබ්ලිව්.එම්.ජි.විජේසිහ මයා - “ගාමිණි“ ,බොරලන්ද | 0572280259 |
| නැදුන්ගමුව | කේ.ඒ.පි.වජිරා ගුණතිලක මිය - තොටපොලගොඩ,නැදුන්ගමුව,ගුරුතලාව | 0574915013 |
| කැප්පෙටිපොල | ඩබ්.එම්.ඉන්දිකා චාන්දනි මිය - කොස්ගහකුඹුර,කැප්පෙටිපොල | 057-2280029 |
| තැන්නකුඹුර | ආර්.එම්.හේමන්ති පුෂ්පකුමාරි මිය - තැන්නකුඹුර,බෝගහකුඹුර | 057-3571353 |
විවාහ රෙජිස්ට්‍රාර්වරු (වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ)
| කොට්ඨාශය | රේජිස්ටාර්වරයාගේ නම ලිපිනය | දුරකථනය |
| උඩුකිඳ | ආර්.එම්.ඩබ්ලිව්.ප්‍රියදර්ශනි ධනපාල මිය - “සඳරේකා“ ,වැලිකඩගම,මිරහවත්ත | 057-2244254 |
මුස්ලිම් විවාහ රෙජිස්ට්‍රාර්වරු (වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ)
| කොට්ඨාශය | රෙජිස්ටාර්වරයාගේ නම ලිපිනය | දුරකතන අංකය |
| වැලිමඩ නගරය | ඒ.එම්.එම්.ටි.අන්සාරි මයා(මුස්ලිම් විවාහ) - අංක61,නුවරඑළිය පාර,වැලිමඩ | 077-8283386 |
| ගුරුතලාව | ජේ.එම්.හසීම් මයා(මුස්ලිම් විවාහ) - කුරුදුගොල්ල,ගුරුතලාව | 077-4925053 |
| අලුගොල්ල | එම්.පි.එම්.ලාෆිර් මයා(මුස්ලිම් විවාහ) - හපුරොද,ගුරුතලාව | 077-2721319 |















