ප්‍රසම්පාදන මණ්ඩලය සාමාජියන් තුන්දෙනෙකුගෙන් සමන්විතය.
01.සභාපති
02.සාමාජික i
03. සාමාජික ii
තාක්ෂණික ඇගයිම් කමිටුව සාමාජිකයින් තුන්දෙනෙකුගෙන් සමන්විතය.
සංවර්ධන ව්‍යාපෘති (ඉදිකිරිම් සඳහා )
01.සභාපති
02.සාමාජික i
03. සාමාජික ii
අනෙකුත් ප්‍රසම්පාදන කාර්යයන් සඳහා අවස්ථානුකූලව ආයතන ප්‍රධානියා විසින් තාක්ෂණ ඇගයීම් කමිටු පත් කරනු ලබයි.
ප්‍රසම්පාදන සැලැස්ම;
දැක්ම :කාර්යක්ෂමතාවයෙන් යුත් විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් තුළින් කොට්ඨාශයේ ජනතාවගේ ජිවන තත්වය උසස් කීරීම.
මෙහෙවර : උපරිම ආර්ථික වාසි සැලසෙන ආකාරයට විනිනිදභාවයෙන් යුතු රාජ්‍ය මුල්‍ය රෙගුලාසිවලට අනුකූල ප්‍රසම්පාදන කටයුතු තුළින් කොට්ඨාශයේ ජනතාවට උපරිම වාසි අත්කර දීම.
අරමුණු :
- කඩිනමින් වැඩ ඉටු කිරීම හා භාණ්ඩ හා සේවා සැපයිම.
- ප්‍රසම්පාදන කටයුතුවල විනිවිදභාවය හා නිරවද්‍යතාවය සහතික වීම
- නියමිත ප්‍රමීතීන්ට, පිරිවිතරවලට , රීතීවලට හා රෙගුලාසි වලට අනුව කටයුතු කිරීම.
- සම්පත් නාස්තිය අවම කිරිම.
කාර්යයන්;
ප්‍රසම්පාදන කමිටු පිහිටුවීම.
- ප්‍රසම්පාදනය සම්බන්ධ නිලධාරියෙක් පත් කිරීම හා රාජකාරි පැවරීම.
- ප්‍රසම්පාදන මණ්ඩලය සඳහා සාමාජිකයින් නිර්දේශ කර දිස්ත්‍රික් ලේකම් වෙත යොමු කිරීම.
- දිස්ත්‍රික් ලේකම්ගේ අනුමැතිය ලබා ගැනීම.
ආදාළ කාල පරිච්ජේද සඳහා අවශ්‍ය භාණ්ඩ , සේවා හා ඉටුකළ යුතු ව්‍යාපෘති අවස්ථා හඳුනා ගැනීම හා ඒ සඳහා අනුමැතිය ලබා ගැනීම.
ප්‍රසම්පාදන අවශ්‍යතා සඳහා ප්‍රතිපාදන ඉල්ලුම් කීරීම.
සැපයුම්කරුවන් හා කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම.
ප්‍රසම්පාදන ක්‍රියාකාරි සැලැස්ම ක්‍රියාත්මක කිරීම.
ප්‍රසම්පාදන ලියකියවිලි සකස් කිරිම
මිළ ගණන් කැඳවීම
මිළ ගණන් ඇගයීම
ප්‍රසම්පාදන තීරණ ගැනීම
භාණ්ඩ ඇණවුම් කිරීම හා කොන්ත්‍රාත් ප්‍රදානය කිරිම.
මිළදී ගත් උපකරණ බෙදා දීම හා පසු විපරම.
කොන්ත්‍රාත් අධීක්ෂණය හා පසු විිපරම
ගෙවීම් කිරීම( සැපයුම්කරුවන්ට හා කොන්ත්‍රාත්කරුවන්ට )
ප්‍රසම්පාදන අවශ්‍යතා;
1.කාර්යාලීය උපකරණ
2. ව්‍යාපෘති උපකරණ
3. ඉදිකිරිම් කොන්ත්‍රාත්
ප්‍රසම්පාදන ක්‍රමය;
1. වෙළඳපළ මිළ සැසඳුම් ක්‍රමය
2. සීමිත තරඟකාරි ක්‍රමය
3. නැවත ඇනවුම් ක්‍රමය















