යහපත් සමාජයක් බිහි කිරීමේ අරමුණ ඇතිව ළමා ආරක්ෂාව හා සතුටින් පිරීගිය පවුලක් නිර්මාණය කිරීම
යහපත් සමාජයක් බිහි කිරීමේ අරමුණ ඇතිව ළමා ආරක්ෂාව හා සතුටින් පිරීගිය පවුලක් නිර්මාණය කිරීම පිළිබද ජනතාව දැණුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා ( 2019 ක් වු ඔක්තොම්බර් 09 දා ) වැලිමඩ දී පැවැත්වින.
ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන මත් හා දුම්වැටි නිවාරණ , ගෘහ කළමණාකරණ සතුටු පවුල් වැඩසටහනට සමගාමීව වැලිමඩ සමෘද්ධි ප්‍රජාමූල බැංකු සමිතියේ සමාජ සංවර්ධන අංශය මගින් මෙය සංවිධානය කර තිබින..
බණ්ඩාරවෙල පොලිස් අධිකාරි කොට්ඨාශයේ පරිගණක අපරාධ අංශයේ ස්ථානාධීපති උප පොලිස් පරික්ෂක සිසිර බුලත්සිංහල මහතා විසින් මෙහි ප්‍රධාන දේශණය පැවැත්වු අතර වැලිමඩ සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමිතියේ කළමණාකරු ලක්ෂ්මි ශ්‍රි කාන්තා මහත්මිය හා සමාජ සංවර්ධන නිළධාරි ප්‍රියන්ත පුෂ්පකුමාර යන නිළධාරින් විසින් ද දැණුවත් කිරීම් සිදු කරමින් දේශණ පැවැත්විය.
මෙහිදී වත්මන් ළමා පරපුර මත් ද්‍රව්‍ය හා දුම්වැටි භාවිතයට හුරුවීම වැලැක්වීම , ආගම දහමට මූලිකත්වය දෙමින් සාරධර්ම වලින් පිරි සමාජයක් ගොඩනැගීම සම්බන්ධයත් ළමයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම පිළිබදවත් විශේෂ අවධානයක් යොමු කරමින් දේශණ පැවැත්විය.
වැලිමඩ ප්‍රාදේශිය ලේකම් චමින්ද විරසිංහ මහතාගේ සහ බදුල්ල දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ඩබ්ලිව්.එම්.පී. විජයබණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි වැලිමඩ සමෘද්ධි ප්‍රජාමූල බැංකු සමිති කළමණාකරු ලක්ෂ්මි ශ්‍රී කාන්තා මහත්මියගේ මූලිකත්වයෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබූ අතර ඒ සදහා ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ.






















