වැඩිහිටි පුද්ගලයින්ගේ ජාත්‍යන්තර දිනය සැමරීම -2023

===========================
"නිරෝගී වැඩිහිටිභාවයක් කරා - පරම්පරාවෙන් පරම්පරාවට විශ්ව වැඩිහිටි අයිතීන්" වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ වැලිමඩ ප්‍රාදේශීය වැඩිහිටි කමිටුව එක්ව සංවිධානය කරන ලද වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජාත්‍යන්තර වැඩිහිටි දිනය 2023 ජාත්‍යන්තර වැඩිහිටි දිනය අද (24) කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
වෛද්‍ය සායනයක් සහ විවිධ සෞන්දර්ය කටයුතු සමඟින් දවස පුරා පැවති මෙම වැඩසටහනට වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩිහිටි සමිති නියෝජනය කරමින් වැඩිහිටියෝ විශාල පිරිසක් සහභාගී වූහ.
මෙම අවස්ථාව සඳහා වැලිමඩ සහකාර ප්‍රාදේශීය ලේකම් මිලින්ද රත්නායක, සහකාර අධ්‍යක්ෂ සැලසුම් සහකාර අධ්‍යක්ෂ ගුණපාල රත්නායක, වැලිමඩ මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී ගුණපාල රත්නායක, වෛද්‍යවරුන්, හෙදියන්, කාර්යාල නිලධාරීන් ඇතුළු වයෝවෘද්ධ පිරිසක් එක්ව සිටියහ.
===================
මාධ්‍ය ඒකකය - ප්‍රාදේශිය ලේකම් කාර්යාලය

395662025_646810940901011_7561954877317163488_n.jpg394663173_646811047567667_1579252149843281859_n.jpg395662847_646811320900973_2362682751612355695_n.jpg

 

Scroll To Top